.webp)

ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය.
සුනාමි රළ පහර ශ්‍රී ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කරමිනි.
ඒ මහා රුඳුරු ව්‍යසනය සිදු වී අදට වසර 16ක් ගත වුවත් අප අතරින් එදා වෙන් වී ගිය නෑදෑ, හිතමිතුරන් අප හදවත් තුළ අදටත් රැඳි සිටින්නේ නොමැකෙන මතක සටහන් රුසක් ඉතිරි කරමිනි.
මේ අතර, සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කර අද(26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතය.
සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වැනි දින 'ජාතික සුරක්ෂිතතා' දිනය ලෙස නම් කිරීමට පියවර ගනු ලැබුවේ ය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වැනි දින සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම සිදු කරන බවයි.
මේ වනවිට පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීතිරීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය.