එංගලන්ත නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක්..

එංගලන්ත නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක්..

එංගලන්ත නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක්..

කර්තෘ Staff writer

26 Dec, 2020 | 7:42 pm

COLOMBO ( News 1st ) : එංගලන්ත නව වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ සඳහන් කළේය.

”අලුත් ප්‍රභේද දෙකක් මේ වනවිට එංගලන්තය තුළ කතාබහට ලක්වෙනවා. මේ වනවිට අලුතෙන් එංගලන්තයෙන් හමුවෙන රෝගීන්ගෙන් 60% කට පමණ අලුත් වෛරස් ප්‍රභේදය නිසා තමයි හමුවෙලා තියෙන්නේ. අපිත් ලොකු තර්ජනයකට ලක් වෙලා ඉන්නවා නව වෛරස් ප්‍රභේදය අපේ රටට තුළත් එන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියාතික රටවල් පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තිබෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල්වලින් රෝගීන් හමුවීම තුළින් පැහැදිලි වෙනවා”

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]