රටවල් 13ක් කොරෝනා එන්නත දීම ඇරඹේ..

රටවල් 13ක් කොරෝනා එන්නත දීම ඇරඹේ..

by Staff writer 25-12-2020 | 1:17 PM

COLOMBO (News 1st): රටවල් 13 ක් මේ වනවිට සිය වැසියන්ට කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆයිසර්-බයෝ එන්ටෙක්, මෝඩර්නා, ස්පුට්නික් වී සහ සිනොෆාර්ම් යන කොරෝනා එන්නත් එලෙස ලබා දෙන බවයි . කොරෝනා එන්නත් ලබා දීම පළමුවෙන් ආරම්භ කළ බ්‍රිතාන්‍ය, සිය වැසියන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ෆයිසර් කොරෝනා එන්නත සඳහා ය. ෆයිසර් කොරෝනා එන්නත, එක්සත් අරාබි එමීර් රාජ්‍ය , අමෙරිකාව, කැනඩාව, සෞදි ආරාබිය, ඊශ්‍රයාලය, කටාර්, මෙක්සිකෝව, සර්බියාව, කුවේට් සහ කොස්ටරිකා යන රටවල් සිය වැසියන්ට ලබා දෙයි . අමෙරිකව සහ කැනඩාව ඊට අමතරව මොඩර්නා එන්නත සඳහා ද සිය අනුමැතිය ලබා දී තිබේ. එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සිය වැසියන්ට සිනොෆාම් එන්නත ද ලබා දීම විශේෂත්වයකි. එමෙන්ම කාටර් රාජ්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නත ද භාවිතා කරයි . රුසියාව සිය වැසියන්ට ලබා දෙන්නේ, ස්වදේශීක සමාගමක් නිෂ්පාදනය කළ ස්පුට්නික් වී කොරෝනා එන්නතයි.