මෙරටට පැමිණෙන සංචාරකයින්ට මාර්ගෝපදේශ මාලාවක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

by Staff writer 25-12-2020 | 5:32 PM

COLOMBO (News 1st) - මෙම සතියේ ආරම්භ කිරීමට අපේක්ෂිත නියමු සංචාරක ව්‍යාපෘතියක් යටතේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ති‌බේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා COVID19 රක්ෂණ ආවරණයක් අනිවාර්ය වනු ඇති. හෝටලයක් වෙන්කරවා ගැනීමේදී හෝ ගුවන් ටිකට්පත මිලදී ගැනීමේදී අදාළ රක්ෂණාවරණය ලබා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සතියකට සීමා වූ නියමු ව්‍යාපෘතිය මගින් සංචාරකයින් 300 දෙනෙකුට සති දෙකක අනිවාර්ය නවාතැන් සඳහා දෛනිකව රට තුළට පැමිණිය හැකිය. ගුවන්යානාවලට යෑමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර එය මෙරට හඳුනාගත් විද්‍යාගාරයක් මගින් සිදු කළ යුතු වේ. සංචාරකයින් සති 2 ක් ඇතුළත පැමිණීමෙන් පසු PCR පරීක්ෂණ 3 ක් සිදු කළ යුතු අතර එම පරීක්ෂණ සියල්ල එකම රසායනාගාරයකදී සිදු කළ යුතුයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද හෝටලයක සංචාරකයින්ට රැඳී සිටීමට අවසර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. පළමු සති දෙක තුළ නිදහසේ සංචරණය තහනම් වන අතර හෝටලයෙන් පිටත ගමන් කිරීම ද සතියක් තහනම් වනු ඇති.