by Staff writer 25-12-2020 | 4:52 PM
COLOMBO (News 1st) - බන්ධානාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3611 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, නව ආසාදිතයින් 11 ක් හඳුනා ගැනීමත් සමගය.
බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකු වාර්තා වන්නේ මැගසින් බන්ධනාගාරයෙනි.
එම සංඛ්‍යාව 824 ක්.
වැලිකඩ බන්ධනාගාරයෙන් 813 ක්, මහර බන්ධනාගාරයෙන් 745 ක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 390 ක් සහ මීගමුව බන්ධනාගාරයෙන් ආසාදිතයින් 58 ක් වාර්තා වේ.
බන්ධනාගාර ආශ්‍රිතව සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2857 කි.