දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Chathurika Jayasundara 25-12-2020 | 7:46 AM

COLOMBO ( News 1st ):  නත්තල් උත්සවය නිමිත්තෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

ඒ පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මතයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම ආරක්ෂක වැඩපිළිවෙළ පොලිස් මූලස්ථානය මගින් ද නිරන්තරයෙන් අධීක්ෂණය කරන බව යි .