කොරෝනා ආසාදිතයින් බහුතරයක් බස්නාහිර පළා‌තෙන්..

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්: පිට පළාත්වල වැඩිම ආසාදිතයින් රත්නපුර දිස්ත්‍රික්කයෙන්

by Chathurika Jayasundara 25-12-2020 | 11:02 AM

COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 592 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඉන් 4 දෙනෙකු පිටරට සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය. ඉතිරි 588 දෙනා මෙරට තුළ සෑදි ඇති කොරෝනා පොකුරු අශ්‍රිතයින් වේ. ඒ අනුව බහුතර කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් ය. *කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් - 245 ක් *ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 66 ක් *කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් – 140 ක් ඊට අමතරව, * රත්නපුර දිස්ත්‍රික්කයෙන් -17 * කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් -14 * ගාල්ල දිස්ත්‍රික්කයෙන් - 13 * මහනුවර දිස්ත්‍රික්කයෙන් - 12 * මඩකලපුව දිස්ත්‍රික්කයෙන් - 12 * අම්පාර දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු ලෙස ආසාදිතයින් හඳුනා ගෙන ඇත. ඊට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත.   කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු ඊයේ ( 24) මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙලෙස මියගොස් ඇත්තේ , අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි . ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට ගොස් තිබේ. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39 231 කි. කොරෝනා ආසාදිතව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30, 568 ක් දක්වා ඉහළ ගොස් තිබේ.