ඉන්දීය ගොවි විරෝධතාවලින් 40ක් මරුට

අදානි ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට එරෙහි ඉන්දීය ගොවි විරෝධතාවලින් 40කට අධික පිරිසක් මරුට

by Staff writer 25-12-2020 | 9:44 PM

News 1st - ශ්‍රී ලංකාවේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කරන බව කියන අදානි සමාගම් සමූහය ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට තමන්ගේ කෘෂි නිෂ්පාදන සූරා කෑමට සහ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබෙන නීති අකුලා ගන්නා ලෙස බල කරමින් ඉන්දීය ගොවීන් අදත් විරෝධතාවල නිරත විය.

මෙම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ 28 වැනි දිනටයි. මෙ වනවිට ගොවීන් 40 කට අධික පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තාවල සඳහන් ය. කොංග්‍රස් නායක රාහුල් ගාන්දි මහතා ද මෙම විරෝධතාවයේ නිරත පිරිසට පක්ෂව ඉදිරිපත් විය. මේ අතර අමෙරිකානු නීති සම්පාදකයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ලිපියක් යවමින් ඉන්දියාවේ පවතින නොසන්සුන්තාව පිළිබඳ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.