නිධානයක මුදල් වංචාවක් නිසා හෘදයාබාධයකින් තරුණයෙක් මරුට

නිධානයක මුදල් වංචාවක් නිසා හෘදයාබාධයකින් තරුණයෙක් මරුට

නිධානයක මුදල් වංචාවක් නිසා හෘදයාබාධයකින් තරුණයෙක් මරුට

කර්තෘ Staff writer

25 Dec, 2020 | 6:10 pm

COLOMBO (News 1st) – නිධානයක් ගැනීම සඳහා ගාල්ල, පිටිගල ප්‍රදේශයේ තරුණයින් පිරිසකගෙන් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසක මුදලක් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

ඉදිපලේගොඩ, පට්ටියකන්ද ප්‍රදේශයේ දියපහරක් තුළ නිධානයක් ඇති බව පවසමින් ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇතැයි මුලික පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් විසින් නිධානයක් ඇති බවට දියපහර තුළ ව්‍යජ ලෙස සකස් කර තිබු බවයි.

ඒ අතර ව්‍යාජ මැණික් ගල් 4ක් සහ සෙම්බුවක් ද සොයා ගැණුනි.

එහිදී නිධානය ලබා ගැනීම සඳහා තරුණයින්ගේ වැඩිම මුදලක් යෙදු බව පැවසෙන තරුණයෙකු සිය මුදල් අහිමීවිම හේතුවෙන් හෘදයබාධයක් වැළදීමෙන් මිය ගොස් තිබුණි.

ඔහුගේ මව කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධිය අනාවරණ වී ඇති අතර මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් පරීක්ණ ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]