වැසි තත්වයේ තාවකාලික අඩුවීමක්

වැසි තත්වයේ තාවකාලික අඩුවීමක්

by Staff writer 24-12-2020 | 2:43 PM

COLOMBO (News1st) : හෙට සහ අනිද්දා වනවිට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු , නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. රත්නපුර , කළුතර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.