පොලිස් වසම් 3ක් මේ මොහොතේ සිට Lockdown

පොලිස් වසම් 3ක් මේ මොහොතේ සිට Lockdown

by Sagarika Chathumali 24-12-2020 | 2:24 PM
COLOMBO (News1st) : අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (24) පස්වරු 2 සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් වසම් හුදකලා කළ බවයි. ඊයේ (23) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 99කි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පැවසුවේ, අවිස්සාවේල්ලේ කර්මාන්ත ශාලා දෙකකින් 90 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති බවයි. මේ අතර ත්‍රිකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නානගර් ප්‍රදේශයත් අද උදෑසන 6 සිට හුදකලා කෙරිණ.