by Staff writer 24-12-2020 | 6:02 PM
COLOMBO (News 1st) : මහනුවර , පොල්ගොල්ල, කලගොල්ලාගොඩ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව පෙරේදා පෙරවරුවේ නිවසින් බැහැරට ගොස් යළි නොපැමිණිම හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් වත්තේගම පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණි.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ , ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අදාළ කාන්තාව ඝාතනය කළ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.
මහනුවර, පොල්ගොල්ල, බාබර්වත්ත ප්‍රදේශයේදී ඝාතනය කර ඇති බවට සැක කෙරෙන කාන්තාවගේ මළ සිරුර හමු වී ඇත්තේ , කාන්තාවගේ නිවසට කිලෝමීටර් 10 ක් පමණ දුරකින් පොහොර උරයක බහා තිබියදී ය.