නත්තල් දා සිරකරුවන් බැලීමට අවසර නෑ

නත්තල් දා සිරකරුවන් බැලීමට අවසර නෑ

by Chathurika Jayasundara 24-12-2020 | 3:09 PM

COLOMBO (News 1st) : මෙවර නත්තල් දිනයේදී ඥාතීන්ට සිරකරුවන් බැලීමට අවසර ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ , කොවිඩ් අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බන්ධනාගාර තුළ ඇති පල්ලිවලදී ඔවුන්ට දේවමෙහෙයන්ට  සහභාගී වීමට හැකි බවයි.