'මතින් තොර දේශයක්' සම්මාන උළෙලේදී සිරසට සම්මානයක්

දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය උදෙසා කළ මෙහෙය අගයමින් සිරසට සම්මානයක්...

by Staff writer 24-12-2020 | 1:31 PM

COLOMBO (News 1st) - දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය උදෙසා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සිදු කළ මෙහෙය අගයමින් සම්මාන ප්‍රධානය කිරීමක් ඊයේ කොළඹදී සිදු විය.

සිරස ටීවී නාලිකාව ද එහිදී ඇගයීමට ලක් විණි. දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය අධිකාරිය නිදහසේ අරගලය,'මතින් තොර දේශයක්' යන තේමාව යටතේ මෙම සම්මාන ප්‍රධානෝත්සවය සංවිධානය කර තිබුණි. දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය උදෙසා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සිදු කළ මෙහෙය ඇගයීම මෙහි අරමුණයි. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.