කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ පිරිස 30000 ඉක්මවයි..

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ පිරිස 30000 ඉක්මවයි..

by Staff writer 24-12-2020 | 5:16 PM

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් 686 දෙනෙකු අද සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30, 568 ක් දක්වා ඉහළ ගොස් ඇත. වෛරසය ආසාදිතයින් 7887 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර මේ දක්වා 184 දෙනෙකු මියගොස් තිබේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 38,639 ක් ලෙසයි.