COLOMBO (News 1st) : ඉතියෝපියානු ගම්මානයකට කඩා වැදී ගම්වැසියන් 100 අධික පිරිසක් ඝාතනය කළ සන්නද්ධ කල්ලියේ 42 දෙදෙනකු එරට හමුදාව විසින් ඝාතනය කරනු ලැබ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ පිරිස සන්තකයේ තිබූ අවි ආයුධ ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.
බෙනිෂාන්ගුල් – ගුමුස් කලාපයේ බෙකොජි ගම්මානයට පසුගිය දා අලුයම් කාලයේ කඩා වැඳුණු අවිගත් පිරිස එල්ල කළ ප්‍රහාරවලින් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා තිබිණ.
ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අග්‍රාමාත්‍ය අබී අහමඩ් ප්‍රකාශ කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර කලාපය තුළ හමුදාව ස්ථානගත කළ බවයි.
ගම්වැසියන් ඝාතනය කිරීමට අදාළ පුවත පහතින්...