ආර්ථික මධ්‍යස්ථානවල‌ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

ආර්ථික මධ්‍යස්ථානවල‌ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

by Staff writer 24-12-2020 | 4:37 PM

COLOMBO (News 1st): කොවිඩ් වසංගතය හමුවේ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 පවත්වා ගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් 19 මර්දන කටයුතු සඳහා ඒ ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ආවේණික සැලැස්මක් සකස් කළ යුතුයි. එම සැලසුම ක්‍රියාත්මක වීම පිළිබඳ සොයා බැලීමට ඒ වෙනුවෙන් නිලධාරියෙකු පත් කළ යුතු අතර ආර්ථික මධ්‍යස්ථානය පිරිසිදුව පවත්වාගෙන යා යුතු ය. ඒ අනුව ?ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම , දුම් බීම , කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථානට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම , ?පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම ?ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරිම ?ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කිරීම ?ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැලසීම එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් ය.