COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 580 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් එක් පුද්ගලයෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයෙකු බවත් ඉතිරි ආසාදිතයින් 579 දෙනාම දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවත් ය.
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 228කි.
ඊට අමතරව,
*ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් - 108ක්
*කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් - 68 ක්
*මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 40
*ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් - 18
*මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 17 ,
*රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 17 වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ බදුල්ල , මන්නාරම සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 99කි.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අවිස්සාවේල්ලේ කර්මාන්ත ශාලා දෙකකින් 90 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති බවයි.
මීට අමතරව කොළඹ 7 ප්‍රදේශයෙන් 29ක් සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 26 ක් ලෙස ආසාදිතයින් හඳුනාගනන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 50 දෙනා වාර්තාවී ඇත්තේ, කඩවත ප්‍රදේශයෙනි.
ඊයේ (23) දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තාවී ඇති අතර ඒ පහත පරිදි ය.
*මහර බන්ධනාගරය ආසාදිතයින් - 49ක්
*මීගමුව බන්ධනාගරය ආසාදිතයින් 15ක්
*බෝගම්බර බන්ධනාගරය ආසාදිතයින් - 07ක්
*බූස්සබන්ධනාගරය ආසාදිතයින් - 1ක්.
පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර කළුතර දකුණ ප්‍රදේශයෙන් වාර්තාවූ එම මරණයත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 184 ක් දක්වා ඉහළ ගියේ ය.
අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38,639 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුර්ණ පුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද 29882ක් දක්වා ඉහළ ගියේ, ඊයේ දිනයේ පුද්ගලයින් 582 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 8573 දෙනෙකු පමණි.

නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ පුද්ගලයින් 6,284 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදුකර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව 13,895කි.
ඊයේ දිනය්දීත් විදෙස් රටවල් කිහිපයක සිට ලාංකිකයින් මෙරටට රැගෙන විත් ඇති අතර අද දිනයේ තවත් පිරිසක් එලෙස රැගෙන ඒමට නියමිත ය.