ගෙවුණු දිනයේ කොරෝනා මරණ දෙකක්

15 හැවිරිදි දරුවෙකු ද ඇතුළුව ගෙවුණු දිනයේ කොරෝනා මරණ දෙකක්

by Staff writer 23-12-2020 | 8:33 AM

COLOMBO (News 1st) -

තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ රාත්‍රියේ වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පිරිමි දරුවෙකු සහ කොළඹ 07 පදිංචි 72 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි. කොවිඩ් නියුමෝනියා තත්ත්වය, ලේ විෂවීම හා උග්‍ර ලියුකේමියා තත්ත්වය 15 හැවිරිදි පිරිමි දරුවාගේ මරණයට හේතුවී තිබේ. කොවිඩ් නියුමෝනියා තත්ත්වය 72 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 183කි.