by Staff writer 23-12-2020 | 4:25 PM
COLOMBO (News 1st) - බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3579 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 141 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.
බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 822 කි.
වැලිකඩ බන්ධනාගාරයෙන් 810 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් 735 දෙනෙකු සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 389 දෙනෙකු වාර්තා වී තිබේ.
කොරෝනා ආසාදිත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 116 කි.
ඒ අතරින් 90 දෙනෙකු සුවය ලබා ඇති අතර මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව සුවය ලබා ඇති සමස්ත රැඳවියන් සංඛ්‍යාව 2554 ක් දක්වා ඉහළ ගොස් තිබේ.