by Staff writer 23-12-2020 | 3:38 PM
COLOMBO (News 1st) - අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි හෝ තද වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සබරගමුව හා දකුණු පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවනු ඇති.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් එම කාලසීමාව තුළ විටින් විට වැසි ඇති වන අතර උතුරු, උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.