by Staff writer 23-12-2020 | 6:47 PM
COLOMBO (News 1st) - ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළට පැමිණීම හැකිතාක් දුරට අවම කරන්නැයි දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, පසුගිය දින තුනක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 70 කට ආසන්න පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙනි.
එබැවින් නිවාඩු සමයේදී, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සංචරණය දැඩි ලෙස සීමා කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
මේ අතර ඉදිරි සති දෙක තුළ ත්‍රීකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
ඇය දැනුම්දී ඇත්තේ, නිරෝධානය පනත උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.
මීට අමතරව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරමින් යොදවා ඇති මුර කපොලු සංඛ්‍යාව වැඩි කරන්නැයි ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර තිබේ.