by Hashini De Mel 23-12-2020 | 9:49 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා දකුණු කළුතර පදිංචි වයස අවුරුදු 71 අයෙකි.
ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.