ජනවාරි ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න

ජනවාරි ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න

by Staff writer 23-12-2020 | 3:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම අවදානම් බැවින් ලබන ජනවාරි මාසයේදී වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් වෛසරය පැතිරයෑමේ අවදානමක් මතුව ඇතැයි දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි. එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවදානම පහව නොයන බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුව අවධාරණය කර සිටි.