අටලුගමින් කොරෝනා ආසාදිතයින් 162ක්

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

by Sagarika Chathumali 23-12-2020 | 10:00 AM

COLOMBO (News 1st) : ඊයේ දිනය (22) තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 428 දෙනෙකු හඳුනා‌ ගෙන තිබේ.

එම ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වන අසාදිතයින් 193 දෙනා කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 101කි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තාවී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනයේ වාර්තාවී ඇත්තේ, ආසාදිතයින් 3 දෙනකු පමණි.   කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 42 දෙනා වාර්තාවී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අටලුගමින් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 162කි. මුතූර් පොලිස් ස්ථානයෙන් ද ආසාදිතයින් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 12කි. ඊයේ රාත්‍රී මෙරටින් කොරෝනා මරණ දෙකක් වාර්තාවීමත් සමග මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගියේ ය. මේ වනවිට මෙරටින් ආසාදිතයින් 38059ක් වාර්තාවී ඇති අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 29,300කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8576ක් පමණි.