by Sagarika Chathumali 22-12-2020 | 10:35 AM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව මේ වන විට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.
එක්සත් රාජධානියේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව අන්තර්ජාතික අනතුරු ඇඟවීම් වර්ධනය වෙමින් පවතින පසුබිමකදී ය.
මේ වනවිට රටවල් 40කට වැඩි රටවල් සංඛ්‍යාවක් මෙ වනවිට බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
මේ අතර මෙම නව කොරෝන වෛරස් ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් හමුවීම හේතුවෙන් ස්වීඩනය ද ඩෙන්මාර්කයේ සිට පැමිණෙන විදේශිකයින්ට සංචාරක ගමන් තහනමක් පැනවීමට තීරණය කර තිබේ.
මෙම නව වෛරස් ප්‍රභේදය පැතිර ගිය ද එය වඩාත මාරාන්තික බවට මෙතෙක් සාධක හමුවී නොමැත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිකාර ප්‍රධානි මයික් රයන් ප්‍රකාශ කළේ, මෙය වෛරස පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවයි.
ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමෙැති බව ද ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කළේ, තත්ත්වය පාලනයෙන් තෙර බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවයි.
මේ අතර ජර්මනියේ බයෝ එන්ටෙක් ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරියා සඳහන් කර ඇත්තේ, ෆයිසර් සමාගම සමග එක්ව නිෂ්පාදනය කළ කොරෝනා එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඵලදායි ප්‍රතික්‍රියා දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.