මාධ්‍ය මර්දනයට සැලසුමක් නැහැ

මාධ්‍ය මර්දනයට සැලසුමක් නැහැ - ජනමාධ්‍ය ඇමති පවසයි

by Staff writer 22-12-2020 | 7:41 PM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය -
ඇමතිතුමනි ඊයේ දවසේ හෙඩ් ඔෆ් ද නිව්ස් පර්සන් වුණේ ඔබතුමා. ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ දී යම් ප්‍රකාශයක් කරලා තිබුණා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමට උත්සාහයක් පවතින බවට. නමුත් ඔබතුමා එය වෙනස කළා. ඔබතුමාට යම් පටලැවිල්ලක් වුණා වෙන්න පුළුවන්. නමුත් සමාජ මාධ්‍ය නෙමෙයි මං හිතන්නේ තෝරාගත් වෙබ් අඩවින් හෝ රජයට විරුද්ධව ක්‍රියාත්මක වෙන ප්‍රවෘත්ති නාලිකා මර්දනය කිරීමට ඔබතුමා ඒ සැලසුම්සහගතව රජයේ යම් වැඩසටහනක් යන බව ද අදහස් කළේ ?
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
''එහෙම සැලසුමක් තිබ්බානම් වරදින්නේ නෑ මට. කිසිම දවසක වරදින්නෙ නෑ එහෙම සැලැස්මක් තිබ්බා නම්. අපි සාමාන්‍ය සාකච්ඡාවක් කරලා එළියට එනකොට අපි එක්ක සාකච්ඡා කරද්දි වෙච්ච සිදුවීමක්. ඒ සම්බන්ධව සවිස්තරව ඔබතුමාලට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතනවා ඒක ප්‍රමාණවත් ඇති කියලා. ඉතාම පැහැදිලිව ඔබතුමන්ලාට නැවත කියන්න ඕනේ සැලසුම්සහගතව කළා නම් ඒක වරදින්නෙ නෑ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. එහෙම සැලසුමක් අපි සමග මේ මොහොතේ නැහැ''