බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

by Staff writer 22-12-2020 | 2:10 PM
COLOMBO (News 1st) : බ්‍රිතානයේ සිට පැමිණෙන සියලුම මගී ගුවන් සේවා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, හෙට අලුයම 2.00 සිට එය ක්‍රියාත්මක වන බවය. බ්‍රිතානයේ ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු සඳහන් කළේ ය. තව ද මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙරටට මගීන් ගෙන්වීම තාවකාලිකව නතර කරන්නැයි ද ජනපති තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.  

බ්‍රිතාන්‍යයෙන් මතු වූ නව කොරෝනා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම් ඉහළට