බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන සියලු ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ

by Staff writer 22-12-2020 | 4:24 PM

COLOMBO (News 1st) : හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් ස්ථාන 11 කදී කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලසීය පවසයි.

පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගවලින් පිටවන ස්ථානවලදී ද කොරෝනා පරීක්ෂාවන් සිදු කරන බවයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ ය.