දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

by Staff writer 22-12-2020 | 6:57 AM

COLOMBO (News 1st) - නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් , කිලිනොච්චිය , පොළොන්නරුව , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ , තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , සෙසු ප්‍රදේශවලට පස්වරු 1 න් පසු , වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර , මහනුවර , මාතලේ , නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් සඳහා පැනවූ , නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.