තවත් කොරෝනා ආසාදිතයින් 618 ක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් 618 ක් සුවය ලබති

by Staff writer 22-12-2020 | 4:45 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් 618 දෙනෙක් අද සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29 300 ක් දක්වා ඉහළ යනු ඇති. මේ වන විට වෛරසය ආසාදනයෙන් පුද්ගලයින් 8150 දෙනෙකු රෝහල්ගතව ප්‍රතාකාර ලබන අතර 181 දෙනෙකු මියගොස් තිබේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 37 631ක් ලෙසයි.