ජෝ බයිඩ්න් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගනී

ජෝ බයිඩ්න් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගනී

by Sagarika Chathumali 22-12-2020 | 7:44 AM
COLOMBO (News 1st) : අමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ෆයිසර් කොරෝනා එන්නතේ සිය පළමු මාත්‍රාව ලබාගෙන තිබේ. ඒ, එම එන්නත ආරක්ෂිත යැයි අමෙරිකානුවන්ට පෙන්වීමේ අරමුණිනි. තේරීපත් වූ ජනාධිපතිවරයාට එන්නත ලබාදීම ,විදෙස් මාධ්‍ය සජීවිව විකාශය කළ අතර, එහිදි ජනාධිපතිවරයා මෙලෙස පැවසී ය. ''මම මෙම එන්නත ලබාගත්තේ, සෑම අමෙරිකානු ජාතිකයෙක්ම එන්නත ලබා ගැනීමට දිරිගැන්වීම සඳහායි. කනගාටු වීමට කිසිවක් මෙහි නැහැ'' අමෙරිකාව තුළ එන්නත් වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට යම්කිසි ගෞරවයක් ලැබිය යුතු යැයි ජෝ බයිඩ්න් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. උප ජනාධිපති මයික් පෙන්ස් මෙන්ම කථානායක නැන්සි පෙලෝසි ඇතුළු දේශපාලන නායකයින් විශාල සංඛ්‍යාවක් ද එම අවස්ථාවට එක්වෙමින්, කොරෝනා එන්නත ලබාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ වන විට අමෙරිකානුවන් ලක්ෂ 5 කට පමණ මෙම එන්නත ලබා දී ඇතැයි ද සඳහන් . ජනාධිපතිවරායාගේ බිරිඳත් මේ වන විට එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර , තේරී පත් වූ උප ජනාධිපති කමළා හැරිස් , එළඹෙන සතියේදී මෙම එන්නත ලබා ගැනීමට අපේක්ෂිත ය. මේ වන විට අමෙරිකානුවන් එක්කෝටී 84 ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ. ඉන් මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 26,668 ක් දක්වා ඉහළ ගියේ ය.