by Staff writer 22-12-2020 | 2:44 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
කොමිසමේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ , පසුගිය 20 වැනිදායි.
2019 සැප්තැම්බර් මස 20 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම පිහිටුවී ය.
ඒ , 2019 වසරේ අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහායි.