home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොවිඩ් අතරේ හිටපු ඇමති මංගල්‍යයකට අමුත්තන් 10,000ක් ගෙනා හැටි
by Sagarika Chathumali
22-12-2020 | 2:41 PM
COLOMBO (News 1st) : චීනයෙන් ආරම්භ වී අද වනවිට ගෝලීය වසංගතයක් බවට පත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක්වූ නොවූ කෙනෙකු නොමැති තරම්.
වෛරසය ව්‍යාප්තිය හමුවේ ලොව සෑම රටක්ම පාහේ ජනතා එක්රැස්වීම් අත්හිට වූ අතර ඒ යටතේ විවිධ උත්සව අවස්ථාවලට සහභාගී විය හැකි පිරිස අවම මටට්මක පවත්වා ගැනීමට උපදෙස් දෙනු ලැබුවේ, වෛරස ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණිනි. ඒ අනුව සිය ඥාතීන් රැස් කර ගනිමින් ජීවිතයේ සුන්දර දවස වෙනුවෙන් මග බලා සිටින මනාළ යුවළවලට මංගල සිහිනය අද වනවිට සැබවින්ම සිහිනයක් ම වී තිබේ. කෙසේ වෙතත් කොරෝනා නීති කඩ නොකර එහෙත් දහස් ගණනක් වූ අමුත්තන් පිරිසක් රැස් කර ගනිමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වේ. එරට මංගල උත්සවයක් සඳහා රැස් කර ගත හැකි අමුත්තන් පිරිස 20 ක් වුව ද මෙම මානාළ යුවල සිය මංගල දින සැමරුම සඳහා 10,000 කට වැඩි අමුත්තන් පිරිස් කැඳවා තිබිණ. ක්වාලාලම්පූර් අගනුවරට දකුණින් පිහිටි පුටරාජයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලක මෙම මංගල උත්සවය පැවති අතර මන්දිරයෙන් පිටත සකස් කළ පීඨිකාවක් මත මංගල යුවල සිටි අතර අමුත්තෝ සිය මෝටර් රථවල සිට මනාල යුවළට සුභාසිංශන පළ කර නික්ම ගොස් තිබේ. විදෙස් මාධ්‍ය මෙම මංගල උත්සවය හඳුන්වා දී තිබුණේ "Drive-thru" විවාහ මංගල සැමරුමක් ලෙසයි. අමුත්තන් සිය රථයෙන්ම මනාල යුවළට සුභාසිංශන එක්කර නික්ම යාමට පැය 3ක පමණ කාලයක් ගතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මනාලයාගේ පියා එරට හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු බවයි. මංගල උත්සවයට පැමිණි අමුත්තන්ට සංග්‍රහයන් ද සිදුකර ඇති අතර එය සිදු කර ඇත්තේ, සැකසූ ආහාර පාර්සල ලබා දීමෙනි. වාර්තා වන ආකාරයට මනාලයාගේ පියා විවාහ උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමන් රජය මගින් ක්‍රියාත්මක කළ කෝරෝනා නීති මාලාවට අනුගතව මෙම උළෙල පැවැත්වීමට වගබලාගත් බවයි. මැලේසියාවෙන් මේ වනවිට 92,000කට ආසන්න කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර මරණ සංඛ්‍යාව 400කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇත.
වෙනත් ලිපි
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,000 ඉක්මවයි..
මදුරුවන් බෝ කළ 10,000කට දඩ
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දක්වා ඉහළට
ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්
ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්
හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය