Facebook ඇතුළු සමාජ මාධ්‍යයේ පිරිස් ලියාපදිංචියට

Facebook ඇතුළු මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ සූදානමක්

by Staff writer 21-12-2020 | 8:57 AM

COLOMBO (News 1st) : සියලුම Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (20) මහනුවරදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ආමාත්‍යවරයා පැවසුවේ, සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවයි. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මෙම නියාමනය අනෙකුත් මාධ්‍ය සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. ප්‍රශ්නය : සමාජ මාධ්‍ය විතරද? අනෙකුත් මාධ්‍ය නැද්ද? පිළිතුර : නෑ..දැනට දාලා තියෙන්නේ එපමණයි. ඊට අදාළ සාකච්ඡා දැන් අවසන් වී ඇති බවත් කාලය එළැඹ ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
''ස්වයං නියාමනයක් අපි උත්සාහ කරා. මම 2010 ඇමතිවරයා ඉදිද්දි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් ලබන සඳුදත් තියෙනවා, ඒ සම්බන්ධව තවත් සාකච්ඡාවක්. මම හිතනවා දැන් සාකච්ඡා අවසන් වෙලා ක්‍රියාත්මක කිරිමට කාලය එළැඹිලා තියෙනවා. අවශ්‍ය විදියට ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා''
සමාජ මාධ්‍යන්ට අදාළව සංඛ්‍යාලේඛන සම්පාදනය කරන DataReportal අනුව, පසුගිය ජනවාරි මාසය වන විට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 6.4 ක් පමණ විය. මේ අතර පසුගිය මාසයේ ඇතැම් ඩිජිටල් අන්තර්ගතයන් වාරණය කිරීම සඳහා දේශීය නියාමකයින් වෙත බලය පැවරීමට ක්‍රියා කළ පකිස්ථානයට Facebook, Google, සහ Twitter ආයතන අනතුරු අඟවා සිටියේ, එරටින් ඉවත් වන බවටයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සාමජ මාධ්‍ය ඔස්සේ සිදුවන රජයට හානිවන, බිය ගන්වන සහ අතෘප්තිකර බව ඉස්මතු වන අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ වරණය කිරීමට එරට විදුලි සංදේශ අධිකාරියට බල පැවරී ය. එම අවස්ථාවේ අදාළ ආයතන ප්‍රකාශ කර සිටියේ, තමන් ඉලක්ක කර සිදුව ඇති නව නීතිය හේතුවෙන් සිය සමාගම් තැති ගැනීමකට ලක්ව සිටින බවයි. https://www.youtube.com/watch?v=1vBjqDrk2dk&feature=youtu.be