ඇමති කෙහෙළියගෙන් විශේෂ ප්‍රකාශයක්

සමාජ මාධ්‍ය ලියාපදිංචිය ගැන ඇමති කෙහෙළියගෙන් ප්‍රකාශයක්

by Staff writer 21-12-2020 | 3:00 PM

COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් කෙරෙහි රජයේ අවධානය යොමුව නැතැයි, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුුවතක් එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන අයුරින් හා නිවැරදි අර්ථය නිරූපණය නොවන අයුරින් සංසරණය වෙමින් පවතින බවයි. රජය අදහස් කරනුයේ විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම මිස සාමජ මාධ්‍ය හා ඩිජිටල් වේදිකා භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම නොවන බව ද එහි සඳහන් ය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ මහනුවරදී පැවසුවේ, Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

ඊට අදාළ පුවත පහතින්....

Facebook ඇතුළු මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ සූදානමක්