by Staff writer 21-12-2020 | 6:20 PM
COLOMBO ( News 1st ): අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම කොවිඩ් ආසාදිතයෙකු හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත් කළ යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, “ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් රැස්වීමට අද සහභාගී වෙමින් ය.
ජාතික ආර්ථිකය ගොඩ නැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය, ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වන බවත් ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායක වන බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැක ගැනීම සඳහා මෙන්ම ඒ වෙනුවෙන් ආරක්ෂක වන වගාවන් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
බස්නාහිර පළාත අකර්මණ්‍ය වුවහොත් එය මුළු රටටම බලපාන කරුණක් බැවින් අයවැය යෝජනා සාර්ථකව පළාත තුළ ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.