විදේශ රටවල සිට පැමිණිමේදී අලුත් ක්‍රියාපටිපාටියක්

විදේශ රටවල සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියාපටිපාටියේ වෙනසක්

by Staff writer 21-12-2020 | 4:40 PM

COLOMBO (News 1st) : විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියාපටිපාටිය සංශෝධනය කර ති‌බේ.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 26 වැනිදා සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලක් රජය සහ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විදේශවල දූත මණ්ඩල සමග සම්බන්ධීකරණයෙන් , සංක්‍රමණික ශ්‍රමිකයින් , සිසුන් , රෝගීන් , කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් , රජයේ සහ හමුදා නිලධාරීන්ට , රජයේ නිරෝධායන පහසුකම් සඳහා දිවයිනට පැමිණීමට ගුවන් ගමන් සංවිධානය කරනු ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් හෝ ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් එනම් ද්විත්ව පුරවැසිභාවය දරන්නන් නම් කරන ලද හෝටලයකදී මුදල් ගෙවා නිරෝධායනය වීමට යටත්ව වාණිජ හෝ සිය රට පැමැණීම සඳහා වෙන් නොවූ ගුවන් ගමනකින් මෙරටට පැමිණීම සඳහා අවසර හිමි වනබව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.