බ්‍රහස්පති ,සෙනසුරු සමීපව පිහිටන දුර්ලභ අවස්ථාවක්

වසර 397 කට පසුව බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් සමීපව දැකගත හැකි දුර්ලභ අවස්ථාවක්

by Chathurika Jayasundara 21-12-2020 | 5:06 PM

COLOMBO (News 1st) : බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් වඩාත් සමීපව දැකගත හැකි දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට අද හිමි වන බව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එම ආයතනය සඳහන් කළේ , මෙවැනි අවස්ථාවක් වාර්තා වන්නේ වසර 397 කට පසුව බවයි. අද රාත්‍රී 6.45 ත් රාත්‍රී 8.20 අතර කාලයේ බටහිර ක්ෂිතජයට ඉහළින් මෙම අපුර්ව ග්‍රහ පිහිටීම දැක ගත හැකි බව පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා පැවසුවේ ය. පහත වගුවේ දැක්වෙන්නේ අද එනම් දෙසැම්බර් 21 වන දින සංයෝජනයට පෙර දින 10 ත් තුළ බ්‍රහස්පති සහ සෙනසුරු අතර කෝණික දුර ප්‍රමාණයයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තම මධ්‍යස්ථානයේදී මෙම අවස්ථාව මහජනයා‌ට නැරඹිය හැකි අවස්ථාව ලබාදිය නොහැකි බව ද ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. දුරේක්ෂ ආධාරයෙන් මෙම අවස්ථාව දැක බලා ගත හැකි බව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.