රටවල් රැසක් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවයි

රටවල් රැසක් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවයි

by Staff writer 21-12-2020 | 3:27 PM
COLOMBO (News 1st) : නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මේ වන විට රටවල් රැසක් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෙදර්ලන්තය පළමුවෙන්ම මෙම පියවරට එළැඹි බවයි. ඉන් අනතරුව බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ ඉතාලිය ද බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත්තේ ය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිට පැමිනෙන සහ බ්‍රිතාන්‍යට පිටව යන සියලු ගුවන් ගමන් අතිහිටවනු ඇතැයි එම රටවල් නිවේදනය කළේ ය. මේ අතර ජර්මනිය නිවේදනය කළේ, භාණ්ඩ ප්‍රවාහාන ගුවන් යානා හැර බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අතිහිටුවන බවයි. බ්‍රතාන්‍යයේ සිට පැමිණෙන පිරිස් සඳහා දැඩි නිරෝධායන නීති පැනවීමට චෙක් ජනරජය ද පියවර ගත්තේ ය. මේ අතර ලන්ඩනය ,බ්‍රසල්ස් සහ ඇම්ස්ටර්ඩෑම් අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව , දෙගුණ වී ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 ලක්ෂ හතළිස් දහස ඉක්මවා තිබේ. මේ අතර එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 67 දහස ඉක්මවා ගොස් ඇත.