පාසල් විවෘත කිරීමට අදාළව ඇමතිගෙන් ප්‍රකාශයක්

පාසල් විවෘත කිරීමට අදාළව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

by Sagarika Chathumali 21-12-2020 | 10:49 AM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි. ඉහත සඳහන්  ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද  අදාළ දිනයේදී විවෘත කිරීමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් අද සිට නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරොනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තාවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.