ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්..

by Chathurika Jayasundara 21-12-2020 | 5:26 PM

COLOMBO (News 1st): ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ - දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ - නාඋල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ - වලපනේ බදුල්ල දිස්ත්‍රික්කයේ - කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.