ජේතවනාරාම අභ්‍යන්තර මාර්ග පද්ධතිය ජනතා අයිතියට

ජේතවනාරාම අභ්‍යන්තර මාර්ග පද්ධතිය හා කෞතුකාගාරය අගමැති අතින් ජනතා අයිතියට

by Staff writer 21-12-2020 | 6:52 PM

COLOMBO (News 1st): නිම කරන ලද ජේතවනාරාම අභ්‍යන්තර මාර්ග පද්ධතිය සහ නවීකරණය කෙරුණු ජේතවනාරාම කෞතුකාගාරය අද ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 82 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජේතවනාරාම අභ්‍යන්තර මාර්ග පද්ධතිය ඉදිකර තිබේ. නවීකරණය කෙරුණු ජේතවනාරාම කෞතුකාගාරයට මධ්‍යම සංස්කෘතික අරමුදෙලන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 50 කි.