තද වැසි තත්ත්වයක් ගැන විශේෂ දැනුම් දීමක්..

Weather Update: තද වැසි තත්ත්වයක් ගැන විශේෂ දැනුම් දීමක්..

by Chathuranga Rajapaksha 20-12-2020 | 1:27 PM
COLOMBO (News 1st): කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දැනට පවතින වැසි තත්ත්වය මධ්‍යම පළාත, බදුල්ල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ගුගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමය අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.