කෝටි ගණනක මුදල්,හෙරොයින් සමග කතක් කොටු..

රුපියල් පන් කෝටි අනූ ලක්ෂයක මුදලක් සහ හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3ක් අත්අඩංගුවට..

by Staff writer 20-12-2020 | 6:38 AM

COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 300ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මාලඹේ හා කඩුවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය (PNB) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් පන් කෝටි අනූ ලක්ෂයකට අධික මුදල් ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.