සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස නම් කෙරේ

පොළොන්නරුව සොලොස්මස්ථානය ගැසට් පත්‍රයකින් පූජා භූමියක් ලෙස නම් කෙරේ..

by Chathurika Jayasundara 20-12-2020 | 10:33 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස නම් කෙරේ.

ඒ, සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයකිනි. ඒ පිළිබඳ වූ සන්නස් පත්‍රය අද පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත භාර දෙන ලදි.