by Chathurika Jayasundara 20-12-2020 | 4:42 PM
COLOMBO (News 1st) – ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව හා උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.