ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

අද (20) වන විට මෙරට ⁣කොරෝනා තත්ත්වය (ආසාදතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ)

by Sagarika Chathumali 20-12-2020 | 9:39 AM

COLOMBO (News 1st) - අද (20) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 618 දෙනෙකු වාර්තා වී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවයි. දිස්ත්‍රික්ක 17 කින් නව ආසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 30කින් වාර්තා වී ඇති සමස්ත ආසාදතයින් සංඛ්‍යාව 241කි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්, 120ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99ක් වාර්තා වී තිබේ. සෙසු ආසාදිතයින් 158 දෙනා වාර්තා වී ඇත්තේ අනෙකුත් දිස්ත්‍රික්කවලිනි.         ඊ⁣යේ දිනය අවසන් වනවිට මෙරටින් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,667ක් වූ අතර ඉන් පුද්ගලයින් 27,552 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,944ක් පමණි. ඊයේ (19) පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 491කි. ඊයේ (19) මෙරටින් නව කොරෝනා මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, කොළඹ 10, කොළඹ 14, කොළඹ 15, කිරිවත්තුඩුව, බණඩාරගම සහ වීරගුල යන ප්‍රදේශවලිනි. අද දිනයේත් විදෙස් රටවල සිට ලාංකිකයින් මෙරටට පැමි්ණීමට නියමිත අතර එලෙස පැමිණෙන සියලු දෙනා සුපුරුදු පරිදි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇති. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 7,316 දෙනෙක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිති. ඊයේ(19) දිනයේ මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,961කි.