
රු. බිලියන 15ක මතභේදාත්මක තෙල් නල ව්‍යාපෘතියක් ජනපති නියෝගයෙන් නවතී..
රු. බිලියන 15ක මතභේදාත්මක තෙල් නල ව්‍යාපෘතියක් ජනපති නියෝගයෙන් නවතී..
කර්තෘ Staff writer
Colombo (News1st) – රුපියල් බිලියන පහළොවක් වැය කර රට හරහා ඉදිකිරීමට යන මතභේදාත්මක තෙල් නල මාර්ගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත නතර කර තිබේ.
බ්ලූමැන්ඩල් සිට කොළොන්නාව මෙම නල පද්ධතිය එලීමට යෝජිතව තිබුණි.
නිලධාරීන් උපුටා දක්වමින් ද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබුණේ , මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිත බවයි.
රට හරහා ඉදිවන මෙම තෙල් නල මාර්ගය 2013 – 14 කාල සීමාවේ යෝජනා වුවත් මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමත් සමග එය නතර විය.
වර්තමාන රජය යටතේ නැවත වරක් මෙම ව්‍යාපෘතිය පණ ගැන්වීම සඳහා උත්සහ දැරූ අවස්ථාවේදී ඊට අදාළ කර්මාන්තකරුවන් මෙම තෙල් නල ව්‍යාපෘතිය හරහා විශාල මුදල් නාස්තියක් සිදු වන බව පෙන්වා දුන්නේ ය.
දැනටමත් එල්.එන්.ජී. විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා පිඹුරුපත් සකසා තිබේ.
මෙවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය නවතා දමා ඇති බවට the island පුවත්පත වාර්තා කර තිබේ.
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්