
ප්‍රවේසමෙන්..! තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්..
ප්‍රවේසමෙන්..! තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): එක්සත් රාජධානිය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනා ගෙන ඇතැයි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි පවසයි.
ඔහු සඳහන් කළේ, එම වෛරස් ප්‍රභේදය පැතිර යාම වැළැක්විය හැක්කේ, පුද්ගල සම්ප්‍රේෂණය හැකිතාක් පාලනය කිරීම තුළින් පමණක් බවය.
මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ බව ද එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශ කළේය.
එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළේ, එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයෙන් මෙම නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනුණු බව ය.
බ්‍රිතාන්‍ය තුළ පසුගිය මාසය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වීම සහ රෝහල්ගත කිරීම විශාල වශයෙන් ඉහළ ගියේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ, ජනතාව එක්සත් රාජධානියේ ප්‍රධාන නගර අතර සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බවය.
මේ අතර, එක්සත් රාජධානිය තුළ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන්, එරට සිට පැමිණෙන මගී ගුවන් ගමන් තහනම් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ.
අද(20) සිට එළඹෙන ජනවාරි 01 වැනිදා දක්වා එම තහනම ක්‍රියාත්මක වනු ඇති.
බලධාරීන් සඳහන් කළේ, මීට පෙර නෙදර්ලන්තය තුළ පැතිර ගිය කොරෝනා වෛරස් ප්‍රභේදය, එක්සත් රාජධානිය තුළ පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන වූ බවය.
නෙදර්ලන්ත වැසියන්ට ද විදේශීය රටවල සංචාරය නොකරන්නැයි එරට රජය උපදෙස් ලබා දී තිබේ.
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..
- ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..
- ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…